ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික වාණිජ සබඳතා සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමට දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන් අතර වොෂින්ටන් නුවරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ ඇමරිකානු දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් ඇලිසන් එම්. හූකර් මහත්මිය අතර මෙම හමුව සිදුවිය.
මෙම අවස්ථාවේදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල වසර 250ක සන්ධිස්ථාන ඇතුළත් “Enduring Friendship” නමැති ග්‍රන්ථය තානාපතිවරයා විසින් ඇමරිකානු උප රාජ්‍ය ලේකම්වරිය වෙත පිළිගන්වනු ලැබීය. වෙළඳ සබඳතා සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට ඇමරිකාව පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව හූකර් මහත්මිය එහිදී අවධාරණය කළාය. එමෙන්ම, දෙරටේ සබඳතාවල වැදගත් කාලවකවානුවකදී තානාපති මහින්ද සමරසිංහ මහතා ලබාදුන් රාජ්‍ය තාන්ත්‍රික නායකත්වය ඇය ඇගයීමට ලක් කළාය.
මෙම අවස්ථාවට මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් නිකොල් චුලික් සහ එම අංශයේම නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් බෙතානි මොරිසන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














