• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයට පෙර අන්තවාදීන් ගැන බුද්ධි අංශ දුන් තොරතුරු ක්‍රියාත්මක නොකළේ ඇයි?

අධිකරණයේදී රවී සහ ශානිට චෝදනා

17 July 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරයට පෙර අන්තවාදීන් ගැන බුද්ධි අංශ දුන් තොරතුරු ක්‍රියාත්මක නොකළේ ඇයි?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (17) යළි කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය වැළැක්වීමට තිබූ අවස්ථා මගහැරීම සම්බන්ධයෙන් බරපතළ කරුණු ගණනාවක් අධිකරණය හමුවේ හෙළි කළේය.
සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් 129 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් 2019 ජනවාරි 31 වනදා රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබුණ ද, එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පියවර ගෙන නොතිබූ බව නීතිඥවරයා අවධාරණය කළේය. මීට අමතරව, 2018 වසරේදී පාකිස්තානු බුද්ධි අංශය විසින් මෙරට තුළ ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් පිළිබඳව අනතුරු අඟවා තිබූ බවත්, එවන් තොරතුරු ලැබී තිබියදීත් සහරාන් හෂීම් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.
එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 97ක් පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ බවත්, මාවනැල්ල බුදුපිළිම විනාශ කිරීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සිද්ධිය වැනි සිදුවීම් හරහා ඔවුන්ගේ සම්බන්ධය අනාවරණ වී තිබූ බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය. ඉන්දීය රෝ බුද්ධි අංශය මගින් 2019 අප්‍රේල් 04 වනදා ලබා දුන් ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ කාර්යාලය වෙත ලැබී තිබුණ ද, එය නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා අතර හුවමාරු වී අවසානයේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කර තිබුණේ ප්‍රහාරය සිදුවීමෙන් පසු දින බව ඔහු චෝදනා කළේය.
තම සේවාදායකයා සම්බන්ධයෙන් වර්තමානයේ විමර්ශන සිදු කරන නිලධාරීන් එකල මෙම වගකීම් පැහැර හැර ඇති බව පෙන්වා දුන් නීතිඥවරයා, එවැනි පසුබිමක ඔවුන්ගේ අපක්ෂපාතීත්වය පිළිබඳව දැඩි ප්‍රශ්න මතු කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන 21 වනදා දක්වා කල් තැබීය.
Post Views: 3
Previous Post

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව විභාගයට

Next Post

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වෙළඳ සහ සමුද්‍රීය ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට එකඟතාව

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වෙළඳ සහ සමුද්‍රීය ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට එකඟතාව

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වෙළඳ සහ සමුද්‍රීය ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට එකඟතාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved