දැනට ලොව පුරා තිරගත වන ‘පෙඩ්ඩි’ (Peddi) නම් තෙලිඟු චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ශ්‍රී ලංකාවේ සුන්දර මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ කිහිපයක රූගත කර තිබේ.
මෙම චිත්‍රපටයේ දර්ශන මහනුවර උඩවත්ත කැලේ, මාවනැල්ල ඉහළකෝට්ටේ උමග සහ දුම්රිය ස්ථානය, රිවස්ටන් සහ දඹුල්ලේ කළුදිය පොකුණ යන ප්‍රදේශවල රූගත කර ඇත. රාම් චරන් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය බුචි බාබු සනා විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර, මෙහි දේශීය නිෂ්පාදන සහකරු ලෙස IYNGARAN Media Solutions Pvt. Ltd. ආයතනය කටයුතු කර තිබේ.















