• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ සහ හෝ චි මිං නගරය අතර ඍජු ගුවන් ගමන් සේවා සහ ඒකාබද්ධ සංචාරක පැකේජයක් හඳුන්වාදීමට සැලසුම් කෙරේ

19 July 2026
in දේශීය, පුවත්
කොළඹ සහ හෝ චි මිං නගරය අතර  ඍජු ගුවන් ගමන් සේවා සහ  ඒකාබද්ධ සංචාරක පැකේජයක්  හඳුන්වාදීමට සැලසුම් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධව නව සංචාරක පැකේජයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවසයි. කොළඹ සහ හෝ චි මිං නගරය අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය. අදාළ පැකේජය හරහා දෙරටේ පවතින ආගමික සහ සංස්කෘතික සබඳතා මූලික කරගනිමින් ආගමික සංචාරකත්වය ප්‍රවර්‌ධනය කිරීමටත්, සංස්කෘතික, සෞඛ්‍ය මෙන්ම වික්‍රමාන්විත සංචාරක ක්ෂේත්‍රයන් දියුණු කිරීමටත් විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතව ඇත.
වියට්නාමයේ ප්‍රමුඛතම ගුවන් සේවය වන වියට්ජෙට් (VietJet), කොළඹ සහ හෝ චි මිං නගරය අතර සිය කුළුඳුල් ඍජු ගුවන් ගමන් සේවාව ඊයේ (18) දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට එක්වූ විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා, වියට්ජෙට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත පැමිණීම උණුසුම් ලෙස පිළිගත් අතර ඔවුන්ගේ නව මෙහෙයුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුබ පැතුම් ද පිරිනැමීය. මෙම ඍජු ගුවන් ගමන් සේවාව ආරම්භ වීම, පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ රාජ්‍ය නායකයින් අතර පැවති සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
වියට්ජෙට් ගුවන් සේවය සතියේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල කොළඹ සහ හෝ චි මිං නගරය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. හෝ චි මිං නගරය වියට්ජෙට්හි ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයක් වන බැවින්, ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමයේ අනෙකුත් නගර වෙත මෙන්ම නැගෙනහිර ආසියාව, ගිනිකොනදිග ආසියාව, ඕස්ට්‍රේලියාව ඇතුළු ගමනාන්ත රැසක් වෙත පහසුවෙන් ගමන් කිරීමට මේ හරහා අවස්ථාව සැලසේ. මෙම නව ගුවන් සේවාව සහ සංචාරක ප්‍රවර්‌ධන වැඩපිළිවෙළ හේතුවෙන් ඉදිරි කාලසීමාව තුළ ද්විපාර්ශ්වික වෙළඳ හා සංචාරක සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ආර්‌ථික හා තාන්ත්‍රික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 2
Previous Post

නිරිතදිග චීනයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 08දෙනෙකු මියගොස් 34දෙනෙකු අතුරුදන්ව තිබේ

Next Post

සමාජ වගකීම් ඉටු කළා නම් ඩෙංගු සහ ජලභීතිකා මරණ වළක්වන්න තිබුණා

Editor TTV News

Editor TTV News

Next Post
සමාජ වගකීම් ඉටු කළා නම්  ඩෙංගු සහ ජලභීතිකා මරණ  වළක්වන්න තිබුණා

සමාජ වගකීම් ඉටු කළා නම් ඩෙංගු සහ ජලභීතිකා මරණ වළක්වන්න තිබුණා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ  ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්  දයාසිරි ආණ්ඩුව සමඟ  පැටලේ

රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් දයාසිරි ආණ්ඩුව සමඟ පැටලේ

21 July 2026
අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

21 July 2026
හෝමාගම  කර්මාන්තශාලා ගින්නෙන්  පුද්ගලයින් 5 දෙනෙකු  ජීවිතක්ෂයට

හෝමාගම කර්මාන්තශාලා ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

21 July 2026
ඇගේ සලකුණ තබමු  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

ඇගේ සලකුණ තබමු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

21 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved