ඇල්ල, දෙමෝදර එතුල්කන්ද ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්න හේතුවෙන් එම ප්‍රදේශයේ පර්වත කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි බව බලධාරීන් අනතුරු අඟවයි. ජූලි 16 වන දින රාත්‍රී 7.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් පැය කිහිපයක් ඇතුළත ගින්න පාලනය කිරීමට හැකි විය.
කඳු ගැටය පාමුල පිහිටි නිවාස කිහිපයක් පර්වත කඩා වැටීමේ අවදානමකට ලක්විය හැකි බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ගයාන් ඉන්දික මහතා පවසයි. අවට තේ වතු ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගිනි වැටවල් හේතුවෙන් ගින්න තේ වගාවන්ට පැතිරීම වළක්වා ගැනීමට හැකි වූ බව ද වාර්තා වේ.
බදුල්ල දිස්ත්‍රික් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා මහත්මිය සඳහන් කළේ, පවතින පර්වත කඩා වැටීමේ අවදානම තක්සේරු කිරීමට සහ ඉදිරි පියවර නිර්දේශ කිරීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට යොමු කරන බවයි.














