දිවයින පුරා පිහිටි පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර සිදු කළ විශේෂ වැටලීම් 52 ක් මගින් භාවිතයට නුසුදුසු සහ කල් ඉකුත් වූ වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමත්ව තිබේ.මෙම විශේෂ මෙහෙයුමේදී දිවයිනේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර පරීක්ෂාවට ලක් කොට ඇති අතර, රෝගීන්ගේ පරීක්ෂණ හා ප්‍රතිකාර කටයුතු සඳහා භාවිත කරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතළ අනනුකූලතා රැසක් අනාවරණය කරගෙන ඇත. රෝගීන්ගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිතා කරන ඇතැම් ද්‍රව්‍ය සහ උපකරණ කල් ඉකුත්වීම නිසා නුසුදුසු තත්ත්වයේ පැවතීම, ඒවායෙහි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු පැවතීම සහ භාවිතයට ගනිමින් තිබූ ද්‍රව්‍ය සමඟම කල් ඉකුත් වූ ද්‍රව්‍ය ගබඩා කර තිබීමද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
අදාළ නීතිවිරෝධී ද්‍රව්‍ය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, අනාවරණය වන වැරදි සම්බන්ධයෙන් අදාළ ආයතනවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත බව එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
















