ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ධුරය දැරූ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
2012 වර්ෂයේ සිට වසර 14ක් තිස්සේ දරන ලද එම සංඝ නායක ධුරයෙන් ඉල්ලා අස්වීම උන්වහන්සේ ප්‍රකාශයට පත් කළේ මාතර සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේ පැවති දකුණු පළාත් මහා සංඝ සභා රැස්වීමේදීය. නායක පදවියක් යනු ජීවිත කාලය පුරා දැරිය යුතු ගෞරව නාමයක් නොවිය යුතු බවත්, සීමිත කාලයක් තුළ වගකීම් මැනවින් ඉටු කර තරුණ යතිවරුන්ට එම අවස්ථාව ලබාදිය යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
වත්මන් යුගයේ සංඝ නායක පදවිය බලරහිත නම්බු නාමයක් පමණක් බවට පත්වී ඇති බවත්, කායික හා මානසික නිරෝගීතාව සහිත ක්‍රියාකාරී වයසේදී එවන් තනතුරු ලබාදීමෙන් වඩා හොඳ සේවයක් ශාසනයට ලබාගත හැකිවනු ඇති බවත් ඕමල්පේ සෝභිත හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
















