සීදූව මීගමුව පාරේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා ඇති අතර, එහි කළමනාකරු සහ කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් කළමනාකරු 40 හැවිරිදි වියේ පසුවන්නෙකි. එසේම, අත්අඩංගුවට පත් කාන්තාවන් සිව්දෙනා වයස් 22ත් 30ත් අතර පසුවන්නන් වන බව පොලිසිය පෙන්වා දෙයි. සැකකරුවන් සහ සැකකාරියන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට පොලිසිය මේ වන විට පියවර ගනිමින් සිටී.
















