කුලියාපිටිය ප්රදේශයේදී යතුරුපැදියක් පාලනය කරගත නොහැකිවීමෙන් සිදුවූ අනතුරකින් 29 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය හදිසියේම පාලනය කරගත නොහැකිව මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුවී තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයා මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.














