ජාතික පොලිස් කොමිෂන් සභාවේ පවතින සහ ඉදිරියේදී ඇතිවීමට නියමිත සාමාජික ධුර පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් නිර්දේශ කිරීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත් කැඳවා තිබේ.
අයදුම්පත්‍ර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යන ක්ෂණික සබැඳිය යටතේ පළකර ඇති ආකෘතියට අනුව සකස් කළ යුතු අතර, සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2026 ජූලි 31 වනදා හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.














