පසුගියදා ඇති වූ ‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ නිවාස වෙනුවෙන් රජය මඟින් ක්‍රියාත්මක කරන ලද නව නිවාස ව්‍යාපෘතිය, මාස තුනකටත් අඩු කාලයක් තුළ අවසන් අදියර කරා ළඟා වී තිබේ. ආපදාවට පත් ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ අරමුණින් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ, පසුගිය අප්‍රේල් 30 වැනිදා වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගණය මැදයාය ග්‍රාම නිලධාරී වසමට අයත් පොලිස් අභ්‍යාස විද්‍යාලය අසල පිහිටි රජයේ ඉඩමක නිවාස 11ක් ඉදිකිරීම ආරම්භ කෙරිණි. එහිදී ඉදිකිරීම්වල මූලික අදියර සඳහා අවශ්‍ය වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් ද ප්‍රතිලාභීන් වෙත පිරිනැමීය. ව්‍යාපෘතිය ආරම්භ කර මාස තුනකටත් අඩු කාලයක් ගතව ඇති මේ වන විට, පළමු අදියරේ නිවාස 11හි ඉදිකිරීම් වහල මට්ටම දක්වා සාර්ථකව අවසන් කර ඇති අතර, එම භූමියේම තවත් නව නිවාස 5ක ඉදිකිරීම් කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත. ඒ අනුව සමස්ත නිවාස 16ක වැඩකටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතින අතර, දෙවැනි අදියර යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලැබුණු වහාම ඉතිරි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.














