බ්‍රිතාන්‍යයේ ධුරයෙන් නික්ම යන අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් ඩවුනින් වීදියේ පිහිටි නිල නිවසේ සිට සිය අවසන් නිල ප්‍රකාශය සිදු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔහු ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීම සඳහා චාල්ස් රජු හමුවීමට සුළු මොහොතකට පෙර මෙම දේශනය පවත්වා ඇත.
කීර් ස්ටාමර්ගෙන් පසු එංගලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිත ඈන්ඩි බර්න්හැම් ඉන් අනතුරුව රජ මාලිගය වෙත කැඳවාගෙන යාමට නියමිත අතර, නව රජයක් පිහිටුවීම සඳහා චාල්ස් රජු විසින් ඔහුට නිල වශයෙන් ආරාධනා කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
















