ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජයග්රහණය කිරීම වෙනුවෙන් පැවැති උත්සවයක් අතරතුර සිදු වූ අනතුරකින් 13 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබේ.
බටහිර ස්පාඤ්ඤයේ සියුඩැඩ් රොඩ්රිගෝ (Ciudad Rodrigo) නගරයේ ආර්බෝල් ගෝඩෝ (Árbol Gordo) දියපාරට ආසන්නයේ ආර්ජන්ටිනාවට එරෙහිව ලබාගත් 1-0ක ජයග්රහණය සමරමින් සිටියදී දියපාරෙහි කොටසක් කඩා වැටීමෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.
ප්රීතිඝෝෂා කරමින් සිටි පිරිසක් එහි ඉහළ වේදිකාව මත නැගී සිටීම නිසා එහි කොටසක් කඩා වැටී ඇති අතර, බරපතල තුවාල ලැබූ මෙම පිරිමි ළමයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්රියාත්මක වන අතර, සියුඩැඩ් රොඩ්රිගෝ නගර සභාව විසින් දින 3ක ශෝක කාලයක් ප්රකාශයට පත් කරමින් නගර සභා ධජ අඩකුඹු කිරීමට පියවර ගෙන තිබේ.
















