2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල අද (20) දින නිකුත් කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 200,235 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඉන් 147,407 දෙනෙකු විභාගය සඳහා පෙනී සිට ඇත.
අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස තමන්ගේ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැක.
එමෙන්ම, එළඹෙන ජූලි 23 වන දින සිට විභාග දෙපාර්තමේන්තුවේ නිල පද්ධතිය (onlineexams.gov.lk) හරහා ප්‍රතිඵල ලේඛන (Results Sheets) බාගත (Download) කර ගැනීමට අයදුම්කරුවන්ට, විදුහල්පතිවරුන්ට සහ පළාත්/කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පහසුකම් සලසා ඇත.
ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් වේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 2784208 / 011 2784537 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැක.
















