හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ලබා දී ඇති සාක්ෂි පදනම් කරගනිමින්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ‘පාස්කු යුක්ති සටනේ ජනතා සාමූහිකයේ’ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ඉල්ලා සිටියි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, පාස්කු ප්‍රහාරය දඩමීමා කරගනිමින් බලයට පත්වීමට සිදුකළ සැලසුම්සහගත දේශපාලන කුමන්ත්රණයේ සැබෑ තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතින බවයි.
එබැවින් මෙම පරීක්ෂණ තවදුරටත් ප්‍රමාද නොකර ‘Deep State’ හෙවත් අභ්‍යන්තර කුමන්ත්‍රණය හරහා සිදුවූ මෙම අපරාධයට සම්බන්ධ සියලු වැරදිකරුවන්ට වහාම දඬුවම් පමුණුවා ජනතාවට යුක්තිය ඉටුකරන ලෙස ඔහු වත්මන් රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














