ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන AI ප්‍රමිති සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ (U.S. Center for AI Standards and Innovation) අධ්යක්ෂ ක්‍රිස් ෆෝල් (Chris Fall) මහතා තමන් පත්වීම් ලබා මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරයේ කටයුතු තාවකාලිකව මෙහෙයවීම සඳහා එම ආයතනය අධීක්ෂණය කරන ප්‍රධානී, පර්ඩියු විශ්වවිද්‍යාලයේ (Purdue University) ඉංජිනේරු පීඨයේ හිටපු පීඨාධිපති අරවින්ද් රාමන් (Arvind Raman) මහතා පත්කර ඇති බව වාණිජ දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු තහවුරු කළේය.














