පාකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේ පිහිටි කරච්චි නුවර රජයේ රෝහලක් මූලික කරගනිමින් ඇතිවූ බරපතළ සෞඛ්‍ය පිරිහීමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 130 දෙනෙකුට HIV වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මෙලෙස ආසාදනය වූවන්ගෙන් බහුතරයක්ම කුඩා දරුවන් බව වාර්තා වේ.
සින්ද් ප්‍රාන්ත රජය මඟින් සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම, ප්‍රමාණවත් ලෙස ආරක්ෂිත උපකරණ භාවිත නොකිරීම සහ එක් වරක් පමණක් භාවිත කළ යුතු සිරින්ජ යළි භාවිත කිරීම හේතුවෙන් මෙම වෛරසය මෙලෙස ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ ප්‍රදේශවාසීන් 10,000කට වැඩි පිරිසක් මේ වන විටත් පරීක්ෂණවලට ලක් කර ඇත.
















