සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා ජාතික හැඳුනුම්පත නොතිබීම බාධාවක් නොවන බැවින් සියලු අයදුම්කරුවන් අනිද්දාට (23) පෙර විභාගය සඳහා අයැදුම් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.
මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් ක්ෂණික දුරකථන අංක 1911 හෝ 0112784537, 0112786616, 0112784208 යන අංකවලින් සහ 0112784422 යන ෆැක්ස් අංකයෙන් තොරතුරු ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
















