අනුරාධපුර නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව 259 ශ්‍රාවස්තිපුර, 260 ශ්‍රාවස්තිවත්ත සහ 261 අලුත්වැව යන ග්‍රාම නිලධාරී වසම් ආවරණය කරමින් පසුගිය 17 වන දින මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත. මෙහිදී අදාළ ප්‍රදේශවල ඉඩම් සහ නිවෙස් රැසක් පරීක්ෂාවට ලක් කරමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා බැලීමට කටයුතු කර තිබේ.














