අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය සූදානම් කළ විශ්වාසභංග යෝජනාව අද (21) දිනයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදීමට නියමිතව තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඒකාබද්ධව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි. අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා පූර්ණ විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ක්‍රමවේදය සහ COPE කමිටු වාර්තා සම්බන්ධයෙන්ද අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.
















