ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මඟින් 2013 වසරේදී ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන පුළුල් කරමින්, අල්ලස් කොමිසමේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ අදාළ සිදුවීමේ දෙවන සැකකාරිය වන හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියන්කා නියෝමාලි විජේනායක සහ තෙවැනි සැකකරු වන ශමීන්ද්‍ර රාජපක්ෂ යන අයට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා ඉදිරි නීතිමය පියවර ගැනීම සහ බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සඳහා අදාළ සාක්ෂි සහ ප්‍රකාශ සටහන් කරගැනීමයි.
















