පළාත් සභා මැතිවරණවලදී කාන්තා හා තරුණ නියෝජනය ඉහළ නැංවීම සඳහා මැතිවරණ කොමිසම විසින් සකස් කරන ලද තාක්ෂණික වාර්තාවක් මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබේ.
අමාත්‍ය විජිත හෙරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව රැස්වූ අතර, එහිදී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33% දක්වා ඉහළ නැංවිය යුතු බවට කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ එකඟතාව පළ වී ඇත.
















