‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් නිවාස හානි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ අරමුණින් ආරම්භ කළ නව නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ.
පසුගිය අප්‍රේල් 30 වැනිදා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
















