2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ අනුකූලතා කටයුතුවල අඩුවුන් හේතුවෙන් රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක (රු. 14,600,000.00) සමස්ත වටිනාකමකින් යුත් පරිපාලනමය දණ්ඩන අය කර ඒකාබද්ධ අරමුදලට බැර කර තිබේ.
මෙම කාලසීමාව තුළ දණ්ඩනයට ලක් වූ ආයතන අතර එල් බී ෆිනෑන්ස් පීඑල්සී (LB Finance PLC) ආයතනයද වේ. පසු විපරම් විතැන් පරීක්ෂණයකදී සිදු කළ නියැදි පරීක්ෂාවකින් හමුවූ, රුපියල් මිලියනයක් හෝ එයට සමාන විදේශ මුදලකින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන ගනුදෙනු 9ක් නියමිත කාලපරිච්ඡේදය තුළ මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් 2025.10.03 දිනැතිව සහ 2025.10.24 දිනැතිව රුපියල් 1,000,000.00 ක (රුපියල් මිලියනයක) දණ්ඩනයක් එම ආයතනය වෙත පනවා ඇත.
















