පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට අයත්, කඩිනමින් ප්‍රතිසංස්කරණ කළ යුතු මාර්ග 60ක් මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) වෙත පවරාගෙන සංවර්ධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට නිලධාරි කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ අනෙකුත් ආයතන විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් මත මෙම මාර්ග හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන නියෝජනය වන පරිදි බහුපාර්ශ්වීය නිලධාරි කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
















