ඉන්දියාවේ විදුලි බලාගාරයක් ආශ්‍රිත උමගක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, පිපිරීමට හසු වූ තවත් පුද්ගලයින් 15 දෙනෙකු උමග තුළ සිරවී සිටිති. මේ වන විට ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
















