රෝහල් සඳහා නව වෛද්‍ය උපකරණ ලබාදීමත් සමඟ ස්කෑන් පරීක්ෂණ ඇතුළු බොහෝ පර්යේෂණ පෞද්ගලික අංශයට නොයා රජයේ රෝහල්වලින්ම සිදුකරගැනීමේ පහසුකම් මේ වන විට සැලසී ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. පසුගිය කාලයේ රජයේ රෝහල්වල සිදුකළ යුතු බොහෝ පර්යේෂණ පෞද්ගලික අංශයෙන් සිදුකරගෙන එන ලෙස රෝගීන්ට නිර්දේශ කළ බව සඳහන් කළ අමාත්‍යවරයා, එම තත්ත්වය වෙනස් කරමින් රජයේ රෝහල් තුළම පර්යේෂණ පහසුකම් තවදුරටත් පුළුල් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් කියා සිටියේය.
















