2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති යටතේ, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා සමස්ත රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක (රු. 14,600,000.00) දණ්ඩන මුදලක් අය කර ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත. මෙම කාලසීමාව තුළ ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් (Swarnamahal Jewellers Limited) ආයතනය වෙතද 2026.02.17 දිනැතිව රුපියල් 2,000,000.00 ක (රුපියල් මිලියන දෙකක) පරිපාලනමය දණ්ඩනයක් පනවා තිබේ. ගනුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්‍යෝගයෙන් කටයුතු කිරීමේ අරමුණින් ගනුදෙනුකරුවන් සහ ප්‍රතිලාභී හිමිකරුවන්ගේ තොරතුරු ලබාගැනීමට සහ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අපොහොසත් වීම.ගනුදෙනුකරුවන් සහ ප්‍රතිලාභී හිමිකරුවන්ගේ හඳුනාගැනීමේ ලේඛන පවත්වාගෙන යාමට සහ සංරක්ෂණය කිරීමට අපොහොසත් වීම.සමාගමට අදාළව මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් සිදු කිරීමට අපොහොසත් වීම.
iv. ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සහ සමූලඝාතක අවි ව්‍යාප්තිය සහ ඊට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීමට අදාළව 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුකූලව නිකුත් කරන ලද කිසිදු නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන වල ලැයිස්තුවලට එරෙහිව නව ව්‍යාපාරික සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේදී ගනුදෙනුකරුවන් සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම.
පද්ධති හා කාර්ය පටිපාටිවල ඉහත දුර්වලතා නිරීක්ෂණය වුවද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ සමාගම ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා පැන්ත පරීක්ෂණයේදී අනාවරණය වී නැත. මෙම අනුකූල නොවීම්, අවදානම් මත පදනම් වූ පැන්ත පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.
















