2006 අංක 6 දරන මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති යටතේ, ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වාර්තාකරණ ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා සමස්ත රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක (රු. 14,600,000.00) දණ්ඩන මුදලක් අය කර ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත. මෙම කාලසීමාව තුළ හාබර් විලේජ් ප්‍රයිවට් ලිමිටඩ් (Harbor Village Private Limited) ආයතනය වෙතද 2026.03.18 දිනැතිව රුපියල් 1,000,000.00 ක (රුපියල් මිලියනයක) පරිපාලනමය දණ්ඩනයක් පනවා තිබේ.ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදය වෙනුවෙන් මුදල් සැපයීම සහ සමූලඝාතක අවි ව්‍යාප්තිය සහ ඊට මුදල් සැපයීම සම්බන්ධයෙන් ඉලක්කගත මූල්‍ය සම්බාධක පැනවීමට අදාළව 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතට අනුකූලව නිකුත් කරන ලද කිසිදු නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන වල ලැයිස්තුවලට එරෙහිව නව ව්‍යාපාරික සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී ගනුදෙනුකරුවන් සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම.ඉහත සඳහන් නම් කරන ලද ලැයිස්තු වරින් වර යාවත්කාලීන වන අවස්ථාවලදී, දැනට ව්‍යාපාරික සම්බන්ධතා ස්ථාපිත කර ඇති ගනුදෙනුකරුවන් එම ලැයිස්තුවලට එරෙහිව සත්‍යාපනය කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම.
පද්ධති හා කාර්ය පටිපාටිවල ඉහත දුර්වලතා නිරීක්ෂණය වුවද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් යටතේ නම් කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ ආයතන සමඟ සමාගම ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වූ අවස්ථා පැන්ත පරීක්ෂණයේදී අනාවරණය වී නැත. මෙම අනුකූල නොවීම්, පසු විපරම් පැන්ත පරීක්ෂණයකදී හඳුනා ගන්නා ලදී.
















