රජය විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟ ඊයේ (20) වන විට වී මෙට්‍රික් ටොන් 1,910ක් මිලදී ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් යොමු කරන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
















