ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලට අනුව, 2026 ජුනි මාසයේ මෙරට උද්ධමන අනුපාතය සියයට 6.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මැයි මාසයේදී සියයට 5.4ක් ලෙස වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත ගණනය කරන ලද උද්ධමන අනුපාතය මෙලෙස ජුනි මාසයේදී සියයට 6.5ක් දක්වා වැඩි වී ඇති බව අදාළ වාර්තා පෙන්වා දෙයි.
















