නිවසකට වරිපනම් අංක වෙන්කර දීමේ කටයුතු කරදීම සඳහා රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබාගත් කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප කාර්යාලයේ සේවයේ නියුතු ආදායම් පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2018 වසරේදී මිලදී ගත් නිවසක උඩ සහ යට තට්ටු සඳහා වෙන් වෙන් වශයෙන් වරිපනම් ගෙවිය යුතු බවට දැනුම් දීමෙන් පසු, එහි සැලසුමේ සහ තක්සේරුවේ ගැටලුවක් ඇති බව පවසමින් එය විසඳා දීමට මොහු මෙලෙස අල්ලස් ඉල්ලා ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හෙට (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















