මේ වන විට ක්‍රියාත්මක වන 10%ක තාවකාලික ගෝලීය ආනයන බද්ද ලබන සිකුරාදායින් අවසන් වීමට නියමිතව තිබියදී, මේ සතිය තරම් ඉක්මනින් රටවල් රැසකට එරෙහිව නැවතත් නව ආනයන බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සූදානම් වන බව ‘Financial Times’ වාර්තා කරයි.
ඉදිරියේදී පැනවීමට නියමිත ආසන්නතම බදු ප්‍රතිශතය දැනට පවතින 10% මට්ටමේම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන නමුත්, මීටත් වඩා ඉහළ බදු ප්‍රතිශතයන් පැනවීම සඳහා අවශ්‍ය නෛතික බලතල ලබා ගැනීමට ඇමරිකානු පාලන අධිකාරිය අදාළ පරීක්ෂණ සහ අධ්‍යයනයන් සිදු කරමින් සිටින බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















