අමෙරිකාව සහ ඉශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ ඉරාන ජනතාව අතිශය දැඩි ආර්ථික සහ සමාජීය අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
වසරකට පෙර පැවැති තත්ත්වයට වඩා ආහාර උද්ධමනය 134%කින් සහ සමස්ත උද්ධමනය 90%කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති අතර, ඉරාන රියාල් මුදලෙහි අගය ද ඉතිහාසයේ පහළම මට්ටම දක්වා ඇද වැටී තිබේ. යටිතල පහසුකම්, විදුලි බලස්ථාන, තෙල් සහ ගෑස් පිරිපහදු ස්ථාන මෙන්ම ජල පවිත්‍රාගාර වෙත එල්ල වන ප්‍රහාර හේතුවෙන් දැඩි විදුලි සහ ජල කප්පාදුවලට ද ජනතාවට මුහුණ දීමට සිදුව ඇත. මේ අතර, රට තුළ අන්තර්ජාල පහසුකම් සීමා කිරීම සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට රජය පියවර ගැනීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය තවදුරටත් අඩපණ වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්














