වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 71කදී වී මෙට්‍රික් ටොන් 1,910ක් මේ වන විට රජය විසින් මිලට ගෙන තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා සඳහන් කළ පරිදි, අදාළ වී තොග වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය රුපියල් මිලියන 229.3ක මුදලක් ගෙවා ඇත.
රට තුළ තවමත් සෑම ප්‍රදේශයකම අස්වැන්න ලැබෙමින් නොපවතින බැවින්, වී මිලදී ගැනීම සඳහා මණ්ඩලය ගබඩා 143ක් විවෘත කිරීමට සැලසුම් කර තිබුණද දැනට ගබඩා 71ක් ක්‍රියාත්මක වෙමින් පවතී.
ඉදිරියේදී මෙවර කන්නයේදී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් වන අතර, ලැබෙන අස්වැන්නට අනුව ඉදිරියටත් වී මිලදී ගැනීම අඛණ්ඩව සිදු කෙරේ. මෙයින් වැඩිම වී තොග ප්‍රමාණයක් මේ වන විට අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවත්, ඕනෑම නිෂ්පාදනයක් ආනයනය කිරීමේදී දේශීය ගොවියාගේ සුබසාධනය පිළිබඳව සැමවිටම සැලකිලිමත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














