පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද නව ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත සහතික කිරීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතින් (21) දින සිදු විය.
මෙම නව පනත් කෙටුම්පතට අදාළ ප්‍රධාන කරුණු:
වර්තමාන පාරිසරික හා ආයතනික අභියෝගවලට මුහුණදීම සඳහා 1980 අංක 47 දරන මූලික පනත සහ එහි පසුකාලීන සංශෝධනවල පවතින නෛතික රාමුව ප්‍රමාණවත් නොවීම මෙම සංශෝධනයට ප්‍රධාන හේතුව වී ඇත.
මෙම පනත මඟින් පරිසරය ආරක්ෂා කිරීම, කළමනාකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධ නියාමන ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ පාරිසරික ආරක්ෂාව සඳහා භාවිත වන යන්ත්‍රණ නවීකරණය කිරීම අරමුණු කර තිබේ.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2026 අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත ලෙස මෙලෙස බලාත්මක වේ.














