තමන්ගේ පෙම්වතිය සමඟ ලබාගත් අසැබි වීඩියෝ පටයක් ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියකට අදාළව ගෝනාපිනුවල පොලිසියට අනුයුක්තව සේවය කළ 22 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු අළුබෝමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. වසර තුනක පමණ කාලයක් තිස්සේ පැවැති ප්‍රේම සබඳතාව අතරතුර ලබාගත් මෙම වීඩියෝව, පැමිණිල්ල ඉවත් කර නොගතහොත් සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කරමින් සැකකරු විසින් මුදාහැර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 345 සහ 486 යන වගන්ති ප්‍රකාරව අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














