136 වන ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව “උරුමයට ජීවයක්” වැඩසටහන යටතේ, ඓතිහාසික හා සංස්කෘතික දායාදයන් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අරමුණින් මාතර එළමල්දෙණිය රජමහා විහාරාධිපති නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි ඓතිහාසික එළමල්දෙණිය රාජමහා විහාර භූමියේ විශේෂ සංරක්ෂණ කටයුතු රැසක් ආරම්භ කර තිබේ.
මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.














