පුවක් සහ දුම්කොළ භාවිතය හේතුවෙන් වැළඳෙන මුඛ පිළිකා නිසා මෙරට තුළ දෛනිකව තිදෙනෙකු පමණ මරණයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.
ලෝක හිස හා ගෙළ ආශ්‍රිත පිළිකා දිනය නිමිත්තෙන් මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේලා දැනුවත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත. පුරුෂයන් අතර පිළිකා ප්‍රතිකාර සඳහා යොමුවීමේදී මුඛ පිළිකා ප්‍රමුඛ වන අතර, බාබුල් වැනි නිෂ්පාදන හේතුවෙන් පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම පිරිවෙන් සිසුන් ද මේ සඳහා නැඹුරු වීම වර්ධනය වී ඇති බවත්, දැහැත් වට්ටියෙන් පුවක් හා දුම්කොළ ඉවත් කර ‘අපි පුදන්නට මිස හපන්නට නොව’ යන තේමා පාඨය යටතේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.














