වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 78,125 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව ඊයේ (21) දිනයේදී පමණක් රෝගීන් 1,097 දෙනෙකු වාර්තා වී ඇති අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ. ජූලි මාසයේ ගතවූ දින 21 තුළ පමණක් රෝගීන් 22,749ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.














