කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පාර්ක් වීදිය ප්‍රදේශයේදී, උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි වූ රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක (ලක්ෂ 270ක්) මුදලක් සන්තකයේ තබාගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (21) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, කොළඹ 13 සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචි 54 සහ 59 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.














