ගල්කිස්ස පොලිස් වසමේ, ටෙම්පල් පාරේ පදිංචි පුද්ගලයෙකුට ඊයේ (21) රාත්‍රී 10.30ට පමණ වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.
නිවසේ උඩුමහලේ රූපවාහිනිය නරඹමින් සිටියදී එහි පැමිණ ඇති නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු “උඹ චමින්ද නේද” යැයි විමසා පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තැබීමට තැත් කර ඇතත්, එම අවස්ථාවේ ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැත. පසුව ඔවුන් විසින් නිවෙස්හිමියාට පයින් සහ පුටුවකින් පහර දී ඇති අතර, හිසට සුළු තුවාල ලබාගත් ඔහු අසල්වැසි හිතවතෙකුගේ නිවසට ගොස් සැඟවී ඇත.
වෙඩිතැබීමට උත්සාහ කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, නිවෙස්හිමියා වායු සමීකරණ (AC) අලුත්වැඩියා කරන්නෙකු වන අතර ඔහුගේ පුත්‍රයා මීට පෙර අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකු බව පොලිසිය පවසයි.














