කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ශ්‍රී ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනයේ (EFC) නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
බැංකු හා මූල්‍ය ක්ෂේත්රයේ වසර 36කට අධික අත්දැකීම් ඇති මනතුංග මහතා, වර්තමානයේ ශ්‍රී ලංකා බැංකු සංගමයේ (SLBA) සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (CIMA) ෆෙලෝ සාමාජිකයෙකු වන ඔහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති අතර, ජාතික ආර්ථික හා ව්‍යාපාර සංවර්ධන වැඩසටහන් සඳහා ඔහු දක්වා ඇති සක්‍රීය දායකත්වය ඇගයීමක් ලෙස මෙම පත්වීම සිදු කර ඇත.














