කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රිය පීලි පැනීමේ සිදුවීම් වාර්තා වීම දුම්රිය දෙපාර්තමේන්තුවේ බරපතළ අකාර්යක්ෂමතාවයක් බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අද (22) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම කරුණු පැහැදිලි කර ඇත. දුම්රිය සේවයේ පවතින තාක්ෂණික හා කළමනාකරණ ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත්, එම අකාර්යක්ෂමතාවන් කඩිනමින් මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.














