සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය අවලංගු කිරීමට හේතු ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කර තිබේ.
අධික පිරිවැයක් දැරීමට සිදුවීම, ඵලදායී නොවීම සහ නාගරික ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා සුදුසු නොවීම යන කරුණු මත 2020 සැප්තැම්බර් 28 වන දින අමාත්‍ය මණ්ඩලය මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නිල පිළිතුරේ සඳහන් වේ.













