ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (CTB) දිනකට රුපියල් කෝටි දෙකක පමණ පාඩුවක් ලබන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
මෙම පාඩුවට ප්‍රධාන හේතුව ලෙස ඇතැම් සේවකයන් විසින් සිදු කරන ටිකට් මුදල් වංචා සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන්වලට අදාළ අක්‍රමිකතා හඳුනාගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත. මහජන මුදල්වලට සිදුවන මෙම හානි වැළැක්වීම සඳහා විධිමත් පියවර ගන්නා බවත්, ජනතාවගේ බදු මුදල් යොදවා නව බස් රථ 800ක් ලබාදෙමින් සේවාව වඩාත් කාර්යක්ෂම සහ මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයතනයක් බවට පත් කිරීමට රජය අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.














