ශ්‍රී ලංකාවේ වැඩිම වත්කම් හිමි රාජ්‍ය ආයතනයක් වන දුම්රිය දෙපාර්තමේන්තුව දිනකට රුපියල් මිලියන 90ක පමණ පාඩුවක් ලබන බවත්, එය වාර්ෂිකව රුපියල් බිලියන 38ක පමණ අලාභයක් බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
දෙපාර්තමේන්තුවේ දත්ත අතර පරස්පරතා පවතින බව පෙන්වා දී ඇති මන්ත්‍රීවරයා, ආදායම් පද්ධති ඩිජිටල්කරණය කිරීම සහ රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ආකෘති යටතේ වත්කම් කළමනාකරණය නවීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අවධාරණය කර ඇත. තවද, සංචාරක කර්මාන්තයෙන් වැඩි ආදායමක් උපයා ගැනීම සඳහා දුම්රිය සේවාව වඩාත් කාර්යක්ෂම කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.














