ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය (ඉංජිනේරු) ආසිරි කරුණාවර්ධන මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්රදානය කර තිබේ. නව ලේකම්වරයා ලෙස පත්වූ ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා මීට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇත.














