වාරණ මණ්ඩලය සමඟ පැවති ගැටලු හේතුවෙන් මාස හයකට ආසන්න කාලයක් ප්‍රමාද වූ තලපති විජේගේ නවතම සිනමා නිර්මාණය වන ‘ජන නායගන්’ (Jana Nayagan) චිත්‍රපටය අද (23) සිනමා ශාලාවල තිරගත වීම ආරම්භ විය.
චිත්‍රපටය නැරඹීම සඳහා චෙන්නායි ඇතුළු ඉන්දියාවේ මෙන්ම ලොව පුරා විජේ රසිකයන් විශාල පිරිසක් උදෑසන දර්ශන සඳහා එක්වී සිටින අතර, මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ චිත්‍රපටයට ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතී.














