මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ සිදුවීමෙන් මියගිය පුද්ගලයන් 28 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඉන් 17 දෙනෙකු වෙඩි වැදීමෙන් සහ 11 දෙනෙකු මොට ආයුධවලින් කළ පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය.
මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කරන ලද වාර්තා විවෘත අධිකරණයේ කියවමින් මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, මෙවැනි නඩුවකදී මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් පූර්ණ බලය ඇත්තේ අධිකරණයට බවයි. අධිකරණය ස්වාධීන ආයතනයක් බවත්, පොලිසිය යනු අධිකරණය නොවන බවත් අවධාරණය කළ ඇය, නඩුව නැවත කැඳවීම සඳහා පස්වරු 3:30 දක්වා කල් තබන ලදී.














